අපගේ දැක්ම 
යහපාලනය තුලින් අභිමානවත් රාජ්‍ය සේවයක්
 
 
 
අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි.  

 
ආවරණය වන ප්‍රදේශය       105.5 Km2                                   
ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව          20                        
ජනගහනය   24241                                                     
ලඟම ඇති බදුල්ල නගරයට දුර    23km   

 

       

        ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි නැගෙනහිර කොටසේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කය තුල මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. ඌව පළාතට අයත් වන බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව 15කි.  මීගහකිවුල යනු ඉන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන කුඩාම කොට්ඨාශයයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 105.5 කි. මෙය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 3.7% ක් වෙයි. කොට්ඨාශය තුල පිහිටි ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 20කි.  

        මීගහකිවුල ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයේ පිහිටීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී දකුණින් සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් ලුණුගල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද බටහිරින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්  ද වටවී ඇති බවයි. 

       භූගෝලීය වශයෙන් පිහිටීම ගත්කල තැනිතලා සහ කඳු සහිත මිශ්‍ර භෞමිකතත්වයක් නිරූපනය වේ. කුඩා නගරයක් සැකසී ඇති අතර, ඒ සඳහා සමහර ගම්වල සිට විශාල දුරක් ගමන් කලයුතු වේ. ප්‍රධාන නගර ලෙස ආසන්නව ඇත්තේ බදුල්ල හා මහියංගනයයි. මීගහකිවුල සිට බදුල්ල කිලෝමීටර් 23ක් වන අතර, මහියංගණයට කිලෝමීටර් 36කි.  

 

An error has occurred while processing your request.

404-not-foundYou may not be able to visit this page because of:

  •  an out-of-date bookmark/favourite
  •  a mistyped address
  •  a search engine that has an out-of-date listing for this site
  •  you have no access to this page

If difficulties persist, please contact the System Administrator of this site and report the error below.

404 Page not found

News & Events

23
ඔක්2025
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top